Search

ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවේ නීති සඳහා ස්වදේශික නියෝජනයක්

ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රතිපත්ති සකස් කිරීම් සඳහා ස්වදේශික ජනතා නියෝජනයක් ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද මහජන අදහස් විමසීම්වලින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් පත් කරන ලද කොමිෂන් වාර්තාවක් මගින්ද නිර්දේශ කර තිබුණේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරන නීති සඳහා ස්වදේශික ජනතාවගේ අදහස් විමසීමද යෝග්‍ය බවයි.

රාජ්‍ය පාලනයේදී ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාවගේ නියෝජනය ලබා ගැනීම ඉතා අල්ප මට්ටමක පවතින බවටයි බලයට පත්වන සෑම ඔස්ටේ්‍රලියානු රජයකටම එල්ලවූ ප්‍රධානම චෝදනාවක් වන්නේ.

එය මගහරවාලීම මෙමගින් අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »