Search

“මොඩ් ගොවියා” ට වාරණයක්

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ (අරුණ ලියාන්) විසින් පැමිණිල්ල ඉදිරිපත් කළේය.

එය විභාග කිරීමෙන් අනතුරුව අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනාට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරුණි.

එම වාරණ නියෝගය ලබන 31 දක්වා බලපැවැත්වෙන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවය.

වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »