ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා දැඩී කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.
ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මැදි අවදානම් කලාපයක් ලෙසත් ටස්මේනියා ප්‍රාන්තය අඩු අවදානම් කලාපයක් ලෙසත් නම් කෙරෙන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan අද නිවේදනය කලේ.
ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සිට බටහිර ඔස්ටේ්‍රලියා දක්වා පැමිණෙන පුද්ගලයන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු අතර පැමිණි පසු දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි.
ටස්මේනියා සිට බටහිර ඔස්ටේ්‍රලියා දක්වා එන පුද්ගලයන් පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය නොමැති නමුත් දින 14 ක් නිරෝධායනය විය යුතු වනවා.
පවතින කොවිඩ් අවදානම් තත්වය සළකා බලා මෙම නව නියමයන් පැණවු බවයි Mark McGowan වැඩිදුරටත් කියාසිටියේ.