ටස්මේනියා ඛේදවාචකයෙන් මියගිය දරුවන් 05 දෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත

ටස්මේනියා පාසලේ ඊයේ සිදුවූ ඛේදවාචකයෙන් මියගිය දරුවන් 05 දෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඔවුන් ;

Zane Mellor (12)
Jye Sheehan (12)
Jalailah Jayne-Maree Jones (12)
Peter Dodt (12)
Addison Stewart (11)
ලෙස හඳුනාගෙන ඇත.
ළමුන් 05 දෙනෙකුට මරු කැඳවමින් ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

අනතුරට තුඩුදුන් වාතය පුරවන ලද ක්‍රීඩා මාළිගය නිසි ලෙස භූමියට සවිකර තිබුණේ දැයි එහිදී සොයා බලන බවයි ටස්මේනියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

පාසලේ වාර අවසාව දිනය වූ ඊයේ ළමුන් පිරිසක් රැඳී සිටියදී එය එක්වරම ඉහළ එසවී මීටර් 10 ක් පමණ ඉහළට ගොස් බිමට පතිත වී තිබුණා.

මෙහිදී තවත් 03 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

විපතට පත් ළමුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් දැනටමත් ඩොලර් ලක්ෂ 06 කට වැඩි ආධාර මුදලක් එක් රැස්වී ඇති බවයි වාර්තා සඳහන් කලේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »