Just In : නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා එන ජාත්‍යන්තර සංචාරකයන්ට තවත් සහනයක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ජාත්‍යන්තර සංචාරකයන් සඳහා බල පැවැත්වෙන පැය 72 ක නිරෝධායනය නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

බොහෝ දුරට නත්තල ට පෙර එම සංශෝධනය හඳුන්වා දෙනු ඇති බව සඳහන්.

මේ අනුව ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනා ගැනීමට පෙර ජාත්‍යන්තර සංචාරකයන් පැමිණිවිට අනුගමනය කිරීම සඳහා එම ප්‍රාන්ත විසින් සැළසුම් කර තිබූ රෙගුලාසි තත්වයට පත්වීමක් අපේක්ෂා කෙරෙනවා.

දැනට සැළසුම් කර ඇත්තේ ලබන 21 වනදා සිට නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා වෙත පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ජාත්‍යන්තර සංචාරකයන් සඳහා පැමිණිමට පැය 24 කට පෙර ලබාගන්නා පී සී ආර් පරීක්ෂණය පමණක් අනිවාර්ය කිරීමයි.

දැනට බලාත්මක පැය 72 ක නිරෝධායනය ඒ අනුව අවසන් වනු ඇති.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් පැමිණෙන සංචාරකයන් 06 වන දිනයේදීත් වික්ටෝරියා පැමිණෙන සංචාරකයන් 05-07 දින අතරතුරදීත් යළිත් කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වනවා.

එන්නත්කරණයට ලක් නොවූ සංචාරකයන් තවදුරටත් දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතු වනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-victoria-remove-72-hour-covid-19-quarantine-requirement-for-international-travellers-c-4990595?fbclid=IwAR1RsgelpO-O55bDcrVVajRgaDxl01NnGOH5dSMwTMwhYJbsmQk6q8dHyOg

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »