ළමුන් 05 දෙනෙකුට මරු කැඳවමින් ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
අනතුරට තුඩුදුන් වාතය පුරවන ලද ක්‍රීඩා මාළිගය නිසි ලෙස භූමියට සවිකර තිබුණේ දැයි එහිදී සොයා බලන බවයි ටස්මේනියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
පාසලේ වාර අවසාව දිනය වූ ඊයේ ළමුන් පිරිසක් රැඳී සිටියදී එය එක්වරම ඉහළ එසවී මීටර් 10 ක් පමණ ඉහළට ගොස් බිමට පතිත වී තිබුණා.
මෙහිදී වයස අවුරුදු 11 ත් 12 ත් අතර වන පිරිමි ළමුන් 03 දෙනෙකු සහ ගැහැණු ළමුන් 02 දෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
විපතට පත් ළමුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් දැනටමත් ඩොලර් ලක්ෂ 06 කට වැඩි ආධාර මුදලක් එක් රැස්වී ඇති බවයි වාර්තා සඳහන් කලේ.