කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව කොවිඩ් පරීක්ෂණයකට යොමු කෙරුණු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ට වෛරසය ආසාධනය වී නොමැති බව හෙළිවී තිබෙනවා.
මේ අනුව මෙතෙක් හුදකලාව සිටි ප්‍රාන්ත අගමැතිවරයාට ඉන් ඉවත්වීමට හැකිවනු ඇති.
පසුගිය සෙනසුරාදා ඔහු සහභාගී වූ උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් ඩැනියල් ඇන්ඩෲස් සහ බිරිඳ හුදකලා කෙරුණේ ඊයේ පස්වරුවේයි.
වික්ටෝරියා අගමැතිවරයා ඇතුලු විශාල පිරිසකට වහා හුදකලා වන ලෙසටත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසත් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ දැනුම්දීමක් සිදුකර තිබුණා.
මේ අතර මෙල්බන් නගරයේ Pubs ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් පිරිසක් හමුවීම පිළිබඳවද ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.