ලබන අප්‍රේල් සිට මෙල්බන් සිට අමෙරිකානු ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන්

කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කලා.

සිඩ්නි සිට ෆිජී දක්වා මෙලෙස පළමු ගුවන් වාරය අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණා.

ඉදිරි මාස කිහිපයේදී මෙල්බන් හා බි්‍රස්බන් සිට ෆිජී – බාලි සහ නවසීලන්තය දක්වා ගුවන් ගමන් ද යළි ආරම්භ කෙරෙන බවයි වර්ජින් ගුවන් සමාගම නිවේදනය කර සිටින්නේ.

මේ අතර ලබන අප්‍රේල් මාසයේ සිට අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සමාගම සමග ගිවිසුමකට එළැඹිමටද වර්ජින් සමාගම පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව අමෙරිකානු ගමනාන්ත කිහිපයක් වෙත මෙල්බන් සිට සෘජු ගුවන් ගමන් ආරම්භ වනු ඇතැයිද අපේක්ෂිතයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »