ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කරයි

කොවිඩ් අවධානම යළිත් ඉහළ යාමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුහුණු ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් – රෝහල් – වැඩිහිටි නිවාස – පොදු ප්‍රවාහනය වැනි කරුණුවලදී මුව ආවරණ භාවිතය හෙට අලුයම 01 සිට යලිත් බලාත්මකයි.

ගුවන් තොටුපළ සහ ගුවන් යානා තුළදී මුහුණු ආවරණ පැළඳීම ද අනිවාර්ය වනවා.

ගෘහස්ථ කටයුතුවලදී හැකි සෑම අවස්ථාවකදීම එම නියමයන් අනුගමනය කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

කෙසේවෙතත් බාහිර කටයුතු – සමාජ ශාලා – සුරා සැල් හෝ රැකියා ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇති.

https://twitter.com/AnnastaciaMP/status/1471622756152213508?s=20

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »