වික්ටෝරියා අගමැති හුදකලා කෙරේ

කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් හුදකලා කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ඔහු සහභාගී වූ උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීම මීට හේතුවයි.

එහි සිටි වික්ටෝරියා අගමැතිවරයා ඇතුලු විශාල පිරිසකට වහා හුදකලා වන ලෙසටත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසත් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඩැනියල් ඇන්ඩෲස් ගේ කොවිඩ් පරීක්ෂණ ප්‍රථිඵලය අද දිනය තුළදී ලැබීමට නියමිතයි.

මේ අතර මෙල්බන් නගරයේ Pubs ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් පිරිසක් හමුවීම පිළිබඳවද ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-daniel-andrews-isolating-after-close-contact-at-party/017fad80-c94a-4ac2-ad4f-408eb18faa2b

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »