
ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක අද සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් 05 දරුවාද මියගොස් තිබේ.
තවත් 03 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
පාසලේ වාර අවසාන දිනය වූ අද මෙම ඛේදවාචකයට ගොදුරුවී තිබුණේ 05 සහ 06 ශ්‍රේණිවල සිසුන් පිරිසක්.

jumping castle එකක් එක්වරම ඉහළට විසිවී මීටර් 10 ක් පමණ ඉහළට විසිවූ එය සීඝ්‍රයෙන් යළිත් බිමට පතිත වී ඇති බව සඳහන්.
ටස්මේනියා ප්‍රාන්තයේ Devonport හි Hillcrest ප්‍රාථමික පාසලේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් සිය කණගාටුව පළකරනවා.
