
ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක jumping castle එකක් එක්වරම ඉහළට විසිවීමෙන් එක් දරුවෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
මීටර් 10 ක් පමණ ඉහළට විසිවූ එය සීඝ්‍රයෙන් යළිත් බිමට පතිත වී ඇති බව සඳහන්.
Devonport හි Hillcrest ප්‍රාථමික පාසලේයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව කොපමණදැයි මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.
ඔවුන්ට ප්‍රතිකාර කෙරෙමින් පවතින බවයි ටස්මේනියා සෞඛ්‍ය අංශ කියාසිටියේ.

PIC – (ABC News: Monte Bovill)