Search

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1622 / නිවු සවුත් වේල්ස් 1742

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1622 ක් හමුව ඇත.

මරණ 09 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,252 කි.

ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 80,841 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,816 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (15) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1,742 ක් වාර්තා වි තිබේ.

දැනට 192 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 26 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 00 ක් වාර්තා විය​.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 643 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 143,938 ක් සිදු කර ඇත.