ඔමික්‍රොන් හමුවේ අප්‍රිකානු රටවල් 08 කට ඔස්ටේ්‍රලියාව පැණවූ සංචාරක තහනම ඉවතට

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ අප්‍රිකානු රටවල් 08 කට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

නොවැම්බර් අගභාගයේදීයි මෙම තහනම පනවනු ලැබුවේ.

කෙසේවෙතත් මේ වනවිට රටවල් රැසකින් ඔමික්‍රොන් ආසාධිතයන් හමුවීමත් සමග තවදුරටත් එම තහනම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී සඳහන් කරනවා.

දැනට රටවල් 77 කින් නව ප්‍රභේදය ආසාධිතයන් හමුවී ඇති අතර ඔස්ටේ්‍රලියාවෙන් ඊයේ දිනය වනවිට හඳුනාගෙන තිබූ ආසාධිතයන් ගණන 109 ක්.

මේ වනවිට දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීමද මෙම තහනම ඉවත් කිරීමට හේතුවී තිබෙනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/australias-travel-ban-on-arrivals-from-southern-africa-axed-because-omicron-emerging-in-dozens-of-other-countries-c-4962316

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »