වික්ටෝරියා නව වසංගත පාලන පණත ක්‍රියාත්මක වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වුණා.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි පණතක් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙයයි.
මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම නතරවන අතර මින් ඉදිරියට වසංගත තත්වයට අදාළව නව නියමයන් පැණවීමේ සියලු බලතල පැවරී ඇත්තේ ප්‍රාන්ත අගමැතිවරයාටයි.
මේ දක්වා එම බලතල පැවතුණේ ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී සතුවයි.
නව පණත් කෙටුම්පත සම්මත වීමෙන් පසුවද වික්ටෝරියා ප්‍රාන්තයේ විරෝධතා අඛණ්ඩව පැවැත්වුණා.
නව පණත් කෙටුම්පතට සමගාමීව වික්ටෝරියා හි මුව ආවරණ නීති ලිහිල් කිරීමද අද සිට බලාත්මක වනවා.