සිඩ්නි සිට පර්ත් එන පුද්ගලයන්ට සෙනසුරාදා සිට දැඩි නීති

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අතිශය අවධානම් කලාපයක් ලෙසටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඊයේ දිනයේදී එම ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 804 ක් වාර්තා වූ අතර අද නිකුත් කල වාර්තාවට අනුව ගතවු පැය 24 තුළ ආසාධිතයන් 1360 ක් තහවුරු කර තිබුණා.

එමෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ ජනවාරිය වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් දෛනිකව ආසාධිතයන් 25,000 ක් පමණ වාර්තා විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

මෙම සියලු කරුණු පදනම් කරගනිමින් නිවු සවුත් වේල්ස් සිට පැමිණෙන පුද්ගලයන් සඳහා දැඩි රෙගුලාසි අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති mark mcgowan පවසා සිටියේ.

එය ලබන සෙනසුරාදා සිට බලාත්මක වනු ඇති.

මේ අනුව අනුමත කරන ලද කිසිවෙකුට හැර වෙනත් කිසිවෙකුට නිවු සවුත් වේල්ස් සිට පර්ත් දක්වා පැමිණීමට හැකිවන්නේ නැහැ.

ඔවුන්ද පැය 72 කට පෙර ලබාගත් පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.

දින 14 ක් නිරෝධායනය විය යුතු අතර 01 – 05 සහ 14 යන දිනවලදී කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතුයි.

https://www.9news.com.au/world/coronavirus-wa-update-western-australia-tightens-border-to-nsw-declares-state-extreme-risk-jurisdiction/8c97afa9-9b06-40b1-8659-0bfef3668c99

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »