
නත්තල් සමයේ පාර්සල් බෙදා හැරීමට අදාළව ව්‍යාජ කෙටි පණිවුඩ ජාවාරමක් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.
DHL – FedEx ඇතුලු පාර්සල් බෙදා හරින සමාගම් විසින් එවන කෙටි පණිවුඩ අයුරින් මෙම පණිවිඩ ලැබෙන බවටයි වාර්තා වන්නේ.
ඒවායෙහි ඇති Links ක්ලික් කිරීම හරහා පුද්ගලික දත්ත සොරා ගැනීම් සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

එබැවින් කිසියම් අයුරකින් පාර්සල් පිළිබඳ විමසීම් සිදුකරන්නේ නම් අදාළ බෙදා හැරීම් සමාගමේ නිල වෙබ් අඩවියටම ගොස් එම තහවුරු කිරීම් සිදුකර ගන්නා ලෙස උපදෙස් දීමක් සිදු කෙරෙනවා.
අන්තර්ජාලය හරහා සිදුකරෙන මිළදී ගැනීම් ඉහළයාමත් සමගයි මෙවැනි වංචාවල ද ඉහළ යාමක් සිදුවී ඇත්තේ.
