වික්ටෝරියා කොවිඩ් රෙගුලාසිවල සංශෝධනයක් / ආගමික – විවාහ – අවමංගල්‍ය උත්සවවලදී Masks අනිවාර්ය නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ආගමික කටයුතු – විවාහ හෝ අවමංගල්‍ය උත්සවවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන අතර එන්නත නොගත් පිරිස් සඳහාද එම සහන හිමිවනවා.

කෙසේවෙතත් hospitality සම්බන්ධ අවස්ථාවකදී මුහුණු ආවරණ රෙගුලාසි අඛණ්ඩව බලාත්මක වනු ඇති.

රැකියා ස්ථානයක කොවිඩ් ආසාධිතයෙකු හමුවුවහොත් මෙතෙක් ක්‍රියාත්මක කල ක්‍රමවේදය ලිහිල් කිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අවන්හල් ඇතුලු hospitality සම්බන්ධ ස්ථාන වෙත ඇතුලුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය නීතිය මින් ඉදිරියට බලාත්මක වන්නේ අවුරුදු 18 ට වැඩි අය සඳහා පමණයි.

මෙතෙක් අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට එය අනිවාර්ය වුණා.

https://7news.com.au/lifestyle/health-wellbeing/victoria-covid-mask-rules-will-remain-in-retail-settings-but-masks-will-not-be-required-at-weddings-or-funerals-c-4954281

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »