අගමැති මොරිසන් කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු වෙයි

අගමැති ස්කොට් මොරිසන් ද කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වී තිබෙනවා.

ඒ පසුගිය සිකුරාදා සිඩ්නි හිදී ඔහු සහභාගී වූ උත්සවයක සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත බවට තහවුරුවීමත් සමගයි.

මේ අනුව අගමැති මොරිසන් කොවිඩ් පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහු එහිදී සෘණාත්මක බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය රෙගුලාසි අනුව තවත් දින 06 කින් අගමැතිවරයා යළිත් කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ මෙල්බන් නුවර පැවති උත්සවයකටද අගමැති මොරිසන් සහභාගීවී සිටිනු දක්නට ලැබුණා.

https://www.9news.com.au/national/scott-morrison-deemed-casual-contact-after-attending-school-graduation/9bc193fb-eb1f-4711-972d-8173f9ad70ef

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »