Search

වසර 02 ක් වසා තිබූ ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කෙරේ

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා අද අලුයම 12 ට විවෘත කෙරුණා.

ඒ අනුව වීසා කාණ්ඩ 28 ක වලංගු වීසා බලපත් හිමියන්ට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රටට ඇතුලුවිය හැකියි.

ශිෂ්‍යයන් – නිපුණතා ශ්‍රමිකයන් – සරණාගත වීසා දරන්නන් ඇතුලු විශාල පිරිසකට මෙම වරප්‍රසාදය උදාවනවා.

කෙසේවෙතත් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු මෙන්ම සෘණාත්මක පී සී ආර් වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු වනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ දකුණු කොරියානු සහ ජපාන පුරවැසියන්ට සංචාරක වීසා බලපත් යටතේ කිසිදු නිරෝධායනයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමටද අද සිට අවසර හිමිවනවා.

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කිරීම පසුගිය පළමුවනදා සිදුකිරීමට නියමිතව තිබුණද එය අද දක්වා කල්ගියේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙනුයි.

ඒ අනුව වලංගු වීසා කාණ්ඩ 28 පහත පරිදිය.

Subclass 200 – Refugee visa

Subclass 201 – In-country Special Humanitarian visa

Subclass 202 – Global Special Humanitarian visa

Subclass 203 – Emergency Rescue visa

Subclass 204 – Woman at Risk visa

Subclass 300 – Prospective Marriage visa

Subclass 400 – Temporary Work (Short Stay Specialist) visa

Subclass 403 – Temporary Work (International Relations) visa (other streams, including Australian Agriculture Visa stream)

Subclass 407 – Training visa

Subclass 408 – Temporary Activity visa

Subclass 417 – Working Holiday visa

Subclass 449 – Humanitarian Stay (Temporary) visa

Subclass 457 – Temporary Work (Skilled) visa

Subclass 461 – New Zealand Citizen Family Relationship visa

Subclass 462 – Work and Holiday visa

Subclass 476 – Skilled – Recognised Graduate visa

Subclass 482 – Temporary Skill Shortage visa

Subclass 485 – Temporary Graduate visa

Subclass 489 – Skilled – Regional (Provisional) visa

Subclass 491 – Skilled Work Regional (Provisional) visa

Subclass 494 – Skilled Employer Sponsored Regional (Provisional) visa

Subclass 500 – Student visa

Subclass 580 – Student Guardian visa (closed to new applicants)

Subclass 590 – Student Guardian visa

Subclass 785 – Temporary Protection visa

Subclass 790 – Safe Haven Enterprise visa

Subclass 870 – Sponsored Parent (Temporary) visa

Subclass 988 – Maritime Crew visa

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »