Search

මෙල්බන් නගරයේ පොදු ප්‍රවාහන ගාස්තු ජනවාරි 01 දා සිට ඉහළට

MELBOURNE

මෙල්බන් නගරයේ පොදු ප්‍රවාහන සේවා ගාස්තු ලබන ජනවාරි 01 වනදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ සියයට 2.3 කින් මෙලෙස ගාස්තු ඉහළ දැමෙන බවයි.

මේ අනුව Zone 01 සිට 02 දක්වා ගාස්තු වැඩිවීම 20 cents වෙයි.

එනම් දිනකට ඩොලර් 09 ක පූර්ණ ප්‍රවේශ පත්‍රයක් මිළදී ගන්නෙකුට ඩොලර් 09.20 ක් ගෙවීමට සිදුවනු ඇති.

සතියකට දින 05 ක් පොදු ප්‍රවාහනයේ යෙදෙන අයෙකුට වසරකට ඩොලර් 50 ක් පමණ අමතර මුදලක් ගෙවීමට මෙහිදී සිදුවනවා.

කෙසේවෙතත් ප්‍රාදේශීය කලාපවල ගාස්තු පැය 02 ක් සඳහා ඩොලර් 2.40 ලෙසත් දිනක ගාස්තුව ඩොලර් 4.80 ලෙසත් අඛණ්ඩව පවතිනු ඇති.

https://www.9news.com.au/national/melbourne-public-transport-fees-set-to-increase-by-23-per-cent-in-2022/7d745c9a-17d4-457e-a786-6e02df1db9b8

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »