Search

ඔස්ටේ්‍රලියාවට භාර ගන්නා ස්ථිර පදිංචිකරුවන් 160,000 දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවට භාර ගන්නා ස්ථිර පදිංචිය සහිත සංඛ්‍යාව ලබන වසරේ සිට 160,000 දක්වා ඉහළ යනු ඇති බවට ෆෙඩරල් මුදල් අමාත්‍ය Josh Frydenberg පවසනවා.

ආර්ථිකය නගා සිටුවීමට සහ නිපුණතා ශ්‍රමික හිගය මගහරවාලීම එහි අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

ඉදිරි වසර 02 සඳහා රජයේ තක්සේරුව වී තිබුණේ වාර්ෂිකව 120,000 කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීම වුවද පවතින තත්වය හමුවේ එය තවත් ඉහළ යනු ඇති බවටයි Josh Frydenberg අනාවැකි පළකරන්නේ.

ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මධ්‍ය වාර්ෂික ආර්ථික මූල්‍ය විවරණයට ද මෙම තොරතුරු ඇතුළත් වනු ඇති.

පසුගිය මැයි මාසයේ අයවැයට අනුව 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ සංක්‍රමණය 77,000 කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කල නමුත් පසුව එය 41,000 දක්වා අඩු කෙරුණා.

https://www.skynews.com.au/australia-news/politics/albanese-wont-back-governments-plans-to-take-on-160000-new-migrants-each-year/news-story/ae40e227ae332c18f025da7f81d42f83