
ලබන වසරේ පෙබරවාරි 05 වනදා සිට අනෙකුත් ප්‍රාන්ත සඳහා ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය අද නිල වශයෙන් නිවේදනය කලා.
ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය අද දිනයේදී සියයට 80 ඉක්මවා යාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම නිවේදනය ඉදිරිපත් කරමින් ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසුවේ වඩාත් ආරක්ෂාකාරිව ප්‍රාන්තය විවෘත කිරීම සඳහා මෙතරම් දීර්ඝ කාලයක් ගතවූ බවයි.

මේ අනුව ලබන පෙබරවාරි 05 වනදා සිට අන්තර් ප්‍රාන්ත සහ විදේශයන් හි සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට බටහිර ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකියි.
කෙසේවෙතත් ඔවුන් පැය 72 ක් තුළ ලබා ගන්නා ලද පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.

එන්නත ගෙන නොමැති ජාත්‍යන්තර සංචාරකයන් පමණක් දින 14 ක නිරෝධායන කාලසීමාවක සිටිය යුතුයි.
https://twitter.com/MarkMcGowanMP/status/1470279578736234502?s=20