
සැළසුම් කර ඇති පරිදිම ලබන බදාදා සිට ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වීසා කාණ්ඩ 28 ක් යටතේ ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකියි.
මීට පෙර අදාළ වීසා ලාභීන්ට දෙසැම්බර් 01 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීමට සැලසුම් කර තිබූ නමුත් Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එය සති දෙකකට කල් දැමුණා.

ඊට අමතරව දකුණු කොරියාව සහ ජපානයේ සිට සංචාරක වීසා යටතේද එම රටවල පුරවැසියන්ට අනිද්දා සිට ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලා.
The "pause" will be "unpaused" – PM says Australia's border to open on Wednesday to tourists from South Korea, Japan and for international students & skilled migrants. @9NewsAUS
— Jonathan Kearsley (@jekearsley) December 13, 2021
අගමැතිවරයා මේ බව නිවේදනය කලේ දකුණු කොරියාව සමග ඩොලර් බිලියනයක ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුවයි.

නව ගිවිසුම යටතේ දකුණූ කොරියාව විසින් යුධ උපකරණ රැසක් ඔස්ටේ්‍රලියාවට ලබාදීමටද නියමිතව තිබෙනවා.