ක්වීන්ස්ලන්ඩ් දක්වා වර්ජින් ගුවන් ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කිරීමට වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඇතැම් ප්‍රවේශපත්‍ර ගාස්තු ඩොලර් 59 ක් වැනි අඩු අගයකට පත්ව ඇති බවද සඳහන්.

පසුගිය සතියේදී සියයට 80 ක එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමත් සමග අද සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරුණේ මාස 05 කට ආසන්න කාලයකට පසුවයි.

ඒ අනුව විශාල පිරිසක් බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් නගර වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීම හමුවේ සිය ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කිරීමටයි වර්ජින් ගුවන් සමගාම පියවර ගෙන ඇත්තේ.

මෙල්බන් – සිඩ්නි – පර්ත් හා ඇඩිලේඩ් සිට ක්‍රියාත්මක කෙරෙන ගුවන් වාර ගණනාවක් සඳහාද මෙම වරප්‍රසාදය අත්කර ගත හැකියි.

ලබන ජනවාරි සිට ජූනි දක්වා ගුවන් ගමන් මේ අතර වනවා.

  • Launceston – Brisbane from $59
  • Hobart – Gold Coast from $59
  • Sydney – Gold Coast from $59
  • Sydney – Sunshine Coast from $65
  • Melbourne – Gold Coast from $69
  • Adelaide – Brisbane from $89
  • Melbourne – Sunshine Coast from $95
  • Melbourne – Townsville from $99
  • Sydney – Hamilton Island from $109
  • Perth – Cairns from $129

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »