නත්තල් සුභ පැතුම් – තෑගි සාමාන්‍ය තැපෑලෙන් යොමුකිරීමේ අවසාන දිනය අද

නත්තල් උත්සවය වෙනුවෙන් ඥාතීන් සඳහා සුභ පැතුම් හෝ තෑගි සාමාන්‍ය තැපෑලෙන් යොමුකිරීමේ අවසාන දිනය අදයි.

අදින් පසු ලැබෙන ලිපි express post හරහා යොමුකල යුතු බවයි Australia Post දන්වා සිටින්නේ.

පසුගිය නත්තලේදී පාර්සල් මිලියන 52 ක් බෙදාහැර තිබූ අතර මෙවර එම වාර්තාව අභිබවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව වඩාත් කාර්ය බහුලම දිනවලදී දිනකට පාර්සල් මිලියන 03 ක් පමණ බෙදා හැරීමට සිදුවනු ඇති බවයි Australia Post සඳහන් කරන්නේ.

මෙවරත් අන්තර්ජාලය හරහා සිදුකරන මිළදී ගැනීම් ඉහළ යාම හමුවේ අතිශය කාර්යබහුල කාලසීමාවක් වනු ඇති බවටද Australia Post විශ්වාසය පළකරනවා

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »