වික්ටෝරියා ප්‍රාන්තයේ නව වසංගත රෙගුලාසි ලබන බ්‍රහස්පතින්දා සිට බලාත්මක වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.
ඒ අනුව ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ප්‍රාන්තය පුරා මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම ආරම්භ වන අතර දැනට බලාත්මක හදිසි නීති රෙගුලාසි අවසන් වනු ඇති.
පසුගියදා සම්මතවූ නව පණත අනුව ලොක්ඩවුන් පැණවීම – මුව ආවරණ පැළඳීම – නිරෝධායන රෙගුලාසි සහ එන්නත්කරණය සම්බන්ධයෙන් නියෝග පැණවීම සම්බන්ධ බලතල ප්‍රාන්ත අගමැතිවරයාටයි පැවරෙන්නේ.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් සමස්ත ප්‍රාන්තයටම අදාළ වන පරිදි මෙවැනි රෙගුලාසි මාලාවක් සම්මත කරගත් පළමු අවස්ථාවද මෙයයි.
කෙසේවෙතත් මෙම නියමයන්ට විරෝධය පළකර ඊයේ දිනයේදීත් මෙල්බන් නගරයේ විරෝධතාවයක්ද පැවැත්වුණා.