
සැළසුම් කල දිනයට මාසයකට පෙර සියලු ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙතෙක් පැවති නිර්දේශය වූයේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 කින් 03 වන මාත්‍රාව ලබාදීමයි.
එහෙත් එය මාස 05 ක් දක්වා අඩු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම ඉහළයාමයි.
අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් දෙකෙන් එකක් තෝරාගත හැකියි.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියාවෙන්ද ඊයෙ රාත්‍රියේ ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.