ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලූම ගුවන් මගීන් දිවයිනට පැමිණීමට පෙර කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඇතුළත් සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත ඔන්ලයින් ක්‍රමයට එවිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා සිටින්නේ.
ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා, කොවිඩ් වැලඳී නොමැති බවට තම ගමන පිටත්වීමට පෙර ලබාගත් වාර්තා, විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුව ආදිය ඔන්ලයින් ක්‍රමයට එවිය යුතුය.
පැමිණෙන මගීන් තමන්ගේ QR code අංකයේ මුල් කොපිය සන්තකයේ තිබිය යුතු හෝ සිය ජංගම දුරකථනයේ තැන්පත් කර තිබීම අනිවාර්ය වේ.
මෙම නව රෙගුලාසි ලබන ජනවාරි පළමුවනදා සිට බලාත්මක වනු ඇති.
එම වාර්තා සළකා බැලීමෙන් පසුව එම ගුවන් මගියා, ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු මට්ටමක සිටී නම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශවයෙන් තහවුරු කිරීමක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නිවේදනය කරනවා.