ඔමික්‍රොන්ට මුහුණ දෙන්න ජාතික කැබිනෙට්ටුව ගත් තීරණ මෙන්න

NATIONAL CABINET

ඔමික්‍රොන් වෛරසයට මුහුණදිය හැකි ආකාරයෙන් ඔස්ටේ‍රලියාවේ කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.

පැතිරීම වේගවත් වුවද කලින් හමුවූ ප්‍රභේද මෙන් ඔමික්‍රොන් ප්‍රභේදය මාරාන්තික නොවන බවයි ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී මෙහිදී සඳහන් කර ඇත්තේ.

එබැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් ඉදිරියටත් කටයුතු කල යුතු බවට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

මෙම වසර සඳහා ජාතික කැබිනට් මණ්ඩලය රැස්වූ අවසාන අවස්ථාව මෙය වන අතර යළිත් ඔවුන් හමුවන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීයි.

මෙම වසෙර්දී ජාතික කැබිනෙට්ටුව රැස්වී තිබූ අවස්ථා ගණන 27 ක්.

PIC – GETTY

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »