දේශ සීමා විවෘත කිරීම යළිත් කල් යයිද ? අගමැතිගෙන් අමුතු කථාවක්

වලංගු වීසා බලපත් හිමියන්ට නත්තල් සමය වනවිට අනිවාර්යයෙන්ම ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

දෙසැම්බර් 01 වනදා විවෘත කිරීමට නියමිතවූ ඔස්ටේ්‍රලියා දේශසීමා විවෘත කිරීම ලබන 15 වනදා දක්වා කල්ගියේ දැනට පවතින ඔමික්‍රෝන් වෛරස් අවධානම හේතුවෙනුයි.

අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරුණු බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඒ අනුව දැනට සැළසුම් කර ඇති පරිදිම ලබන 15 වනදා දේශ සීමා විවෘත කරන්නේද නොඑසේනම් එම දිනය යළිත් කල් දමන්නේද පිළිබඳ අවසන් තීරණයක් සති අන්තය අවසාන වනවිට ගැනීමට හැකිවනු ඇති බවයි ස්කොට් මොරිසන් සඳහන් කලේ.

යම් හෙයකින් කල් දැමීමක් සිදුවුවහොත් එය නත්තල් සමය ඉක්මවා නොයන දිනයක් වනු ඇති බවටද අගමැතිවරයා අනාවැකි පළකලේය.

https://www.7news.com.au/politics/scott-morrison/scott-morrison-hopes-australia-can-reopen-to-overseas-visa-holders-by-christmas-c-4901130

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »