කොවිඩ් නිවාඩු වෙනුවෙන් සිදුකරන ගෙවීම් ක්‍රමවේදයට සංශෝධන

කොවිඩ් තත්වය හමුවේ ලබාගන්නා නිවාඩු වෙනුවෙන් සිදුකරන ගෙවීම් ක්‍රමවේදයේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ස්වයං නිරෝධායනයේ නිරත වන – හුදකලාව සිටින හෝ වෙනත් කොවිඩ් ආසාධිතයෙකු රැකබලා ගන්නා අයෙකුට රැකියාවට පැමිණිමට නොහැකිවීම වෙනුවෙන් දින 07 ක් සඳහා ඩොලර් 750 ක දීමනාවක් වෙනුවෙන් අයදුම් කල හැකියි.

කලින් පැවතියේ අනිවාර්යයෙන් දින 14 ක් එලෙස සිටීමෙන් පසු ඩොලර් 1500 ක දීමනාවක් සඳහා අයදුම් කිරීමයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් නිරෝධායන කාල වකවානු සංශෝධනයට එක් එක් ප්‍රාන්ත රජයන් විසින් කටයුතු කිරීම මීට හේතුවී තිබෙනවා.

කිසියම් අයෙකුට දින 07 කට වඩා සේවයට පැමිණිමට නොහැකි වන්නේ නම් සතියෙන් සතියට දීමනාව වෙනුවෙන් අයදුම් කල හැකියි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »