Search

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු”  ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 73 වන වියෙහි පසුවිය.

ඔහුගේ මුල්කාලීන සිනමා නිර්මාණ සියල්ල අතිසාර්ථකව ප්‍රදර්ශන කාලය දින 100 ඉක්මවූ බැවින් “සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු” ලෙස හැඳින්විණි.

යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්‍යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්‍රියේ ආදරේ” යන සිනමා නිර්මාණ දින සියය ඉක්මවූයේ අතිශය ජනාදරයට පාත්‍ර වෙමිනි.

ඔහුගේ හයවැනි චිත්‍රපටය වූ “මමයි රජා” චිත්‍රපටය ප්‍රදර්ශන කාලය දින දෙසීය ඉක්මවීය.

සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.

ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි  ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.

විටෙක සුනිල් සෝම පීරිස් මහතා නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »