childcare ගාස්තු සඳහා සුභවාදී ආරංචියක්

childcare ගාස්තු සඳහා සුභවාදී ආරංචියක් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් අද ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව මෙතෙක් ඩොලර් 10,655 ක් ලෙස පැවති සහනාධාර මුදලේ උපරිම අගය (cap) ඉවත් කෙරෙනු ඇති.

2021/22 යන මූල්‍ය වර්ෂය පුරාම මෙය බලාත්මක වන අතර කිසියම් පවුලක් විසින් අදාළ මුදලට අමතරව ගාස්තුවක් ගෙවා ඇත්නම් එම අතිරේක මුදල ඔවුන්ට යළි ගෙවීමට නියමිතයි.

පවුල් 18,000 ක පමණ දෙමව්පියන්ට යළිත් සේවයට වාර්තා කර වැඩි පැය ගණනක් සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

දරුවන දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් සඳහා යොමුකර ඇති පවුල් සඳහා දැනට ලබාදෙන සහනාධාර මුදල ලබන මාර්තු 07 වනදා සිට සියයට 30 කින් වැඩි කිරීමටද නියමිතව තිබෙනවා.

https://7news.com.au/lifestyle/parenting/cap-on-childcare-subsidy-to-be-removed-c-4888826

PIC – AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »