වසර 07 කට පසු ඔස්ටේ්‍රලියාව තුළ වාර්තා වූ ඉහළම ඉන්ධන මිළ ගණන් පසුගිය ඔක්තෝබර් මාසයේදී සටහන්වී තිබෙනවා.
සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් – ඇඩිලේඩ් සහ පර්ත් යන නගර සියල්ලෙහි දෛනික ඉන්ධන මිළ ගණන්වල ඉහළයාම සියයට 172 ක් ලෙස පැවති බව සඳහන්.
මේ අතරින් තරමක් හෝ අඩු අගයක් වාර්තා කර ඇත්තේ ඇඩිලේඩ් නගරයයි.
එමෙන්ම සියලුම ප්‍රාන්තවල නාගරික කලාප හා සැසඳීමේදී ප්‍රාදේශීය කලාපවල ඉන්ධන මිළ ගණන් සුලු අඩුවක් පෙන්නුම් කර ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.
ජාත්‍යන්තර ඉන්ධන මිළ ගණන්වල වෙනස්කම් මෙන්ම ඔස්ටේ්‍රලියානු ඩොලරයේ අගය වෙනස්වීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
2020 නොවැම්බර් මාසයේදී බොරතෙල් බැරලයක් ඩොලර් 54 ක් ලෙස පැවති අතර මේ වනවිට එය ඩොලර් 120 කට ආසන්න වී තිබෙනවා.