Search

වැල්ලවත්තේ හා වෙන්නප්පුවේ මුදල් හුවමාරු කරන ජනප්‍රිය ස්ථාන 04 කට රතු එළියක්

නිකුත් කරන ලද විධානයන්ට නිසි ලෙස අනුගතී කටයුතු නොකල බලයලත් මුදල් හුවමාරු කරන ආයතන 04 කට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවවාද කර තිබෙනවා.

වැල්ලවත්තේ පිහිටි ආයතන 02 ක් සහ වෙන්නප්පුවේ පිහිටි ආයතන 02 ක් ඒ අතර වන බවයි මහ බැංකුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

  1. වෙන්නප්පුව, සුපිරි වෙළෙඳසැල් සංකීර්ණය, නො. 12 හි නිව් නටාෂා (පුද්.) සමාගම
  2. වෙන්නප්පුව, හලාවත පාර, නො. 157 හි ජෝර්ජ් මයිකල් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම
  3. කොළඹ 06, ගාලු පාර, නො. 55 හි රෝයල් මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම
  4. කොළඹ 06, ගාලු පාර, නො. 57 හි ප්‍රසන්න මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම

අදාළ ආයතන වෙත සන්නිවේදනය කරන ලද ගැටලූ නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට සිදුවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාළ විධානයන්ට අනුගතවෙමින් කටයුතු කරන ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.

විදේශ විනිමය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මුදල් හුවමාරුකරුවන් හට ලබාදෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බවයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »