Search

සිඩ්නි fireworks නැරඹීම සඳහා ස්ථාන වෙන් කරවා ගැනීම් ඇරඹේ

මෙවර නව වසර උදාවේ සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නැරඹීම සඳහා ස්ථාන වෙන් කරවා ගැනීම් ආරම්භ කර තිබෙනවා.

වරාය පාලම අසල අවන්හල් ඇතුලු ජනප්‍රිය ස්ථාන 30 කට වැඩි සංඛ්‍යාවක් මේ අතර වනවා.

කොවිඩ් වසංගතය හමුවේ පසුගිය වසරේදී ගිණි කෙළි සංදර්ශනය නැරඹීමට මහජනතාවට අවසර නොලැබුණු නමුත් මෙවර ඉතා සීමිත පිරිසකට පමණක් එම අවස්ථාව උදාවනු ඇති.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ජනතාවට පමණක් දෙසැම්බර් 31 ගිණිකෙලි සංදර්ශනය නැරඹීමට පැමිණිය හැකි වනවා.

පොදු ස්ථානවල සිට සංදර්ශනය නැරඹීම නොමිළයේ වුවද මෙම වෙන් කරවා ගන්නා ස්ථානවල සිට නරඹන්නේ නම් කිසියම් ගාස්තුවක් ගෙවිය යුතු වනවා.

මෙවර ටොන් 06 ක පමණ ගිණිකෙළි භාවිත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

https://7news.com.au/news/nsw/sydneysiders-urged-to-snap-up-tickets-for-best-new-years-eve-fireworks-vantage-points-c-4883532

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »