05 – 11 ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත දීමට ෆෙඩරල් රජයත් අනුමැතිය දෙයි

ඔස්ටේ්‍රලියාව තුළ අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට ෆෙඩරල් රජයද අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි 10 වනදා සිට එම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ.

මේ සඳහා ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරියද (TGA) පසුගිය ඉරිදා අනුමැතිය ලබාදෙනු ලැබුවා.

අද දිනයේදී රැස්වන ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ටේ‍රලියානු තාක්ෂණික උපදේශක කමිටුව (ATAGI) විසින් අවසරය ලබාදීම පමණයි දැනට ඉතිරිව පවතින්නේ.

ඔස්ටේ්‍රලියාව තුළ සිටින අදාළ වයස් කාණ්ඩයේ දරුවන් ලක්ෂ 22 කට වැඩි පිරිසකට මෙහිදී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතව තිබෙනවා.

මීට අදාළ වෙන්කරවා ගැනීම් තවත් දින කිහිපයකින් ආරම්භ කෙරෙන අතර සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් එන්නත්කරණයට යොමු කරවන ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »