කොවිඩ් එන්නත නොගත් බටහිර ඔස්ටේ්‍රලියා සේවකයන් ගැන තොරතුරු එළියට

නියමිත දිනය වනවිට කොවිඩ් මර්දන එන්නත ගැනීමට නොහැකි වූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සේවකයන් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 1900 කට වැඩි පිරිසක් අවම වශයෙන් එක් එන්නතක් හෝ පසුගිය පළමුවනදා වනවිට ගෙන නොමැති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියාවේ අත්‍යවශ්‍ය සේවා කාණ්ඩ කිහිපයක සේවකයන්ට පසුගිය පළමුවනදා වනවිට පළමු මාත්‍රාව හෝ ගෙන තිබීම අනිවාර්ය කර තිබුණා.

ඔවුන්ට දෙවන මාත්‍රාව ගැනීමේ අවසාන දිනය ලෙස නම් කර තිබුණේ දෙසැම්බර් 31 වනදායි.

එමෙන්ම සුපිරි වෙළඳසැල් සේවකයන් – බස් රියදුරන් – පාසල් සහ TAFE සේවකයන්ට පළමු මාත්‍රාව ගැනීමේ දිනය ලෙස දෙසැම්බර් 31 වනදාද ජනවාරි 31 වනදා වනවිට දෙවන මාත්‍රාවද ලබා ගත යුතු බවටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දන්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »