ඔස්ටේ්‍රලියාවට එන්න ඉන්න අයට අගමැතිගෙන් සුභදායක ආරංචියක්

දැනට සැළසුම් කර ඇති පරිදි ලබන 15 වනදා ජාත්‍යන්තර දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

මේ අනුව Travel exemption එකක් නොමැතිව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට වලංගු වීසා බලපත් හිමියන්ට අවසර හිමිවනු ඇති.

දෙසැම්බර් 01 වනදා සිට ඔස්ටේ්‍රලියාවේ ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

එහෙත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ එය 15 වනදා දක්වා කල් දමනු ලැබුවා.

කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොහැකි වී සිටි 233,000 ක පමණ වලංගු වීසා බලපත් හිමියන් පිරිසකට දේශසීමා විවෘත කිරීමත් සමග ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර හිමිවනවා.

සිසුන් – ස්ථිර පදිංචිකරුවන් ඇතුලු වීසා කාණ්ඩ ගණනාවක බලපත් හිමියන් ඒ අතර වනවා.

https://www.7news.com.au/lifestyle/vaccines/visa-holders-set-to-return-to-australia-after-two-week-omicron-pause-c-4860618

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »