Search

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලෙස මොඩර්නා එන්නතටද අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් 03 වන මාත්‍රාව ලෙස භාවිත කිරීම සඳහා මොඩර්නා එන්නතටද අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් එන්නත ලෙස මොඩර්නා ද භාවිත කල හැකි බවටයි ඖෂධ පරිපාලන අධිකාරිය දන්වා ඇත්තේ.

මේ දක්වා ඔස්ටේ්‍රලියාව 03 වන මාත්‍රාව ලෙස භාවිත කරනු ලැබුවේ ෆයිසර් එන්නත පමණයි.

දෙවන එන්නත් මාත්‍රාව ලබාදී මාස 06 ක් ගතවීමෙන් පසු 03 වන මාත්‍රාව ලබාදීමටයි මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට දෙවන මාත්‍රාව ගැනීමෙන් දින 28 කට පසු 03 වන මාත්‍රාව ලබාදීම යෝග්‍ය බවටද ඔස්ටේ්‍රලියා ඖෂධ පරිපාලන අධිකාරිය දන්වා තිබෙනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »