ලබන වසරේදී චීනයේදී පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලට නිළධාරීන් සහභාගී කරවීමෙන් වැළකී සිටීමට ඔස්ටේරලියාවද තීරණය කර තිබෙනවා.
අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ චීනයේ සිදුවන මානව හිමිකම් කඩ කිරීම්වලට විරෝධය දක්වමින් මෙම පියවර ගත් බවයි.
අමෙරිකාවද ඊයේ නිවේදනය කලේ තමන් ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට රාජ්‍ය නිළධාරීන් සහභාගී කරවීමෙන් වැළකී සිටින බවයි.
කෙසේවෙතත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියමිත පරිදි සහභාගී කරවන බවයි ඔස්ටේ්‍රලියාව මෙන්ම අමෙරිකාවද අවධාරණය කර සිටින්නේ.
චීනය තම රටේ ජාතික ආරක්ෂාවට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවටද ඔස්ටේ්‍රලියාව පසුගිය කාලයේ දිගින් දිගටම චෝදනා කලා.