තවත් වසර 80 ක් යනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළාසන්න නගර අති බහුතරයක් සාගර ජලයට යටවනු ඇති බවට නවතම වාර්තාවක් හෙළි කරනවා.
දේශගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාම මීට ප්‍රධාන හේතුව ලෙසටයි දක්වා ඇත්තේ.
මේ අනුව 2100 වසර වනවිට සාගර ජල මට්ටම මීටර් 08 කින් පමණ ඉහළ යනු ඇතැයි අනාවැකි පළවනවා.
මේ අනුව බි්‍රස්බන් ගුවන් තොටුපළ මෙන්ම ගෝල්ඩ් කෝස්ට් නගරයේ ජනප්‍රිය Sea World වැනි ස්ථාන පවා පවතින්නේ අවධානම් තත්වයකයි.
අදාළ ප්‍රදේශ මුලුමනින්ම ජලයෙන් යට නොවුණද ජනතාවට වාසය කිරීමට සුදුසු තත්වයක් නොතිබෙනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.