
සිඩ්නි වරාය පාලම අසල බෝට්ටුවල සාද පැවැත්වූ විශාල පිරිසකට වහා කොවිඩ් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අදාළ සාද වෙත සහභාගී වූවන් 05 දෙනෙකු කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමත් සමගයි.
ඉන් දෙදෙනෙකුට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය බවටද හඳුනාගෙන තිබෙනවා.

අදාළ සාද සඳහා සහභාගීවූවන් ගණන 140 කට අධික බවයි පැවසෙන්නේ.
මේ වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව 31 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවු සැකසහිත ආසාධිතයාට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදයමද යන්න අද දිනයේදී නිල වශයෙන් තහවුරු කරගැනීමට නියමිතයි.