නවසීලන්ත Offshore නේවාසික වීසා අයදුම්පත් සළකා බැලීම යළි ඇරඹේ

කොවිඩ් තත්වය හමුවේ සළකා බැලීම අත්හිටුවන ලද නේවාසික වීසා අයදුම්පත් 2300 ක් පමණ සළකා බැලීම Immigration New Zealand විසින් ආරම්භ කර තිබෙනවා.

දැනට නවසීලන්තයේ නොමැති එහෙත් විදේශයන්හි සිට නවසීලන්ත ස්ථිර පදිංචිය අපේක්ෂා කරන පුද්ගලයන් විසින් එවන ලද අයදුම්පතුයි මෙලෙස සළකා බැලීම ආරම්භ කර ඇත්තේ.

මෙහිදී අනුමත වන අයදුම්කරුවන්ට ලබන වසරේදී නවසීලන්ත දේශසීමා පූර්ණව විවෘත කිරීමෙන් අනතුරුව රටට පැමිණිමට අවස්ථාව උදාවනවා.

ලබන මාසයේ සිට නවසීලන්තය අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීම ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ප්‍රමුඛත්වය ලැබෙනුයේ නවසීලන්ත හා ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ටයි.

SOURCE : https://www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/update-for-resident-visa-applicants-offshore?fbclid=IwAR1dK-Ol0sy3TLjFMsOkM2xZNPVRUQ1BY8XuFYmoymmK1igjixFllWbsgkA

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »