Search

එන්නත නොගත් පුද්ගලයන්ට ලබන 17 දා සිට ක්වීන්ස්ලන්ඩ් ස්ථාන රැසකට ඇතුලුවීම තහනම්

කොවිඩ් මර්දන නොගත් පුද්ගලයන්ට ලබන 17 වනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථානවලට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

රාජ්‍ය ආයතන වන පුස්තකාල – කෞතුකාගාර – ඓතිහාසික ස්ථාන සහ කලාගාර සඳහාද එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන ගණනාවකට සියයට සියයක ධාරිතාවය යටතේ පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමටද අවසර හිමිවනු ඇති.

එම ස්ථාන නම්,

cafés, restaurants, pubs, clubs, RSL clubs, taverns, function centres, bars, wineries, distilleries, microbreweries, nightclubs, live music venues, karaoke bars, concerts, theatres, cinemas, bowling alleys, amusement arcades, casinos and other gambling venues, convention centres, adult entertainment venues (including strip clubs and brothels), stadiums, theme parks, tourism parks, zoos, aquariums, wildlife centres, showgrounds, music festivals, art festivals and cultural festivals.

ගෝල්ඩ් කෝස්ට් නුවරින් වාර්තා වූ කොවිඩ් ආසදිතයා aged care මධ්‍යස්ථානයකට සම්බන්ධ වී ඇති නමුත් මෙතෙක් එම මධ්‍යස්ථානයේ සිටින වෙනත් කිසිවෙකු වයිරසයට ධනාත්මක බව සනාථ වී නොමැති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »