
ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ ජාන විශ්ලේෂණය ආරම්භ කර ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
නෙදර්ලන්තයේ සිට අබුඩාබි හරහා මෙල්බන් පැමිණි අයෙකු කොවිඩ් ආසාධිත බවටයි තහවුරු වී ඇත්තේ.
පසුගිය 3 වනදා ඔස්ටේ්‍රලියාවට පැමිණි ඔහු මේ වනවිට හෝටල් නිරෝධායනයේ යෙදී සිටිනවා.

මෙම තැනැත්තාට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට බවට වන සැකයක් මතයි මෙලෙස ජාන විශ්ලේෂණයක් ආරම්භ කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ දක්වා කිසිදු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයෙකු වාර්තා වී නැහැ.
