Search

ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රියන්ත කුමාර මහතාට පකිස්ථානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පංජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉමිටියාස් නොහොත් බිල්ලි ලෙස හැඳින්වෙන මොහු රාවල්පිණ්ඩි නුවර දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පංජාබ් පොලිසිය නිකුත් කල ට්විටර් සටහනක සඳහන්.

මොහු ඇතුලු තවත් සැකකරුවන් 08 දෙනෙකුද මෙම සිද්ධියට අදාළව ඊයේ දිනය තුළදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ සිරුර ඔහුගේ නිවෙස වෙත රැගෙනවිත් තිබෙනවා.

අද අලූයම 03.00 පමණ එය රැගෙනවිත් ඇති බව සඳහන්.

පකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා පසුගිය සිකුරාදා දිනයේදී ඝාතනයට ලක්වුණා.

පකිස්තානයේ ලාහෝර් සිට ඊයේ පස්වරුවේ රැගෙන ආ දේහයේ අවශේෂ කොටස් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ දී සිදුකර තිබුණා.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »