
සිඩ්නි ඇතුලු වෙනත් ප්‍රාන්තවල සිට බලපත්‍ර ක්‍රමයක් යටතේ පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර දීමට මෙම වසරේදි වික්ටෝරියා ප්‍රාන්ත රජය ගනු ලැබු තීරණය අසාධාරණ එකක් බව ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරිය විසින් දන්වා තිබෙනවා.
ඇය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.
ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිරීම ආරම්භවීමත් සමග ජූලි මාසයේදී වික්ටෝරියා ප්‍රාන්ත සීමා දැඩි කිරීමට ගනු ලැබූ තීරණය පිළිබඳ සිදුකල පරීක්ෂණ වාර්තාවයි මෙලෙස ඉදිරිපත් කෙරුණේ.

රතු – කහ – කොළ ලෙස ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වු බලපත් ක්‍රමය තවත් දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ජූලි මාසයේ සිට පියවර ගනු ලැබුවා.
එමගින් නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රාන්තවල සිට වික්ටෝරියා පැමිණීමට අපේක්ෂාවෙන් සිටි විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වු බවද ඔම්බුඩ්ස්මන්වරිය පෙන්වා දෙනවා.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ද ඔවුන්ගේම ප්‍රාන්තය තුළ රඳවා ගැනීම සිරකර ගැනීමක් හා සමාන බවටද වික්ටෝරියා ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරිය සිය වාර්තාවේ දක්වා තිබෙනවා.