සූම් ඇමතුමක් හරහා සේවකයන් 900 ක් රැකියාවලින් පහ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු මූල්‍ය සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙකු දැඩි විවේච්චනයට ලක්ව තිබෙනවා.
නත්තල් සමයේදී මෙවැනි තීන්දුවක් ගැනීමත් අයෙකු රැකියාවකින් ඉවත් කිරීම සම්බන්ධ විධිමත් ක්‍රමයක් තිබීමත් ඊට හේතුව ලෙසයි සමාජ ජාල ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ.
බෙටර් ඩොට් කොම් නම් අදාළ ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 09 ක් පමණ මෙලෙස නෙරපා හැර තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත්තේ කාර්ය සාධනය සහ පළදායිතාව සළකා බැලීමෙන් පසු අසීරුවෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
මෙම ආයතනය පසුගිය වසරේදී ඉහළ ලාභයක් ලබා ඇති බවටද වාර්තා වනවා.